gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙන්ඩට දාපූ පාට් එකට බංගලියන්ගෙන් ගේම ඉල්ලපු ධනුෂ්කට අයිසීසීයෙන් ලොකු තරවටුවක්

බංග්ලාදේශ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මස්රෆේ මොටාසාට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ

ඒ, ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉකුත්දා පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමිනි

ශ‍්‍රී ලංකා ඉණිමේ දී කුසල් මෙන්ඩිස් දවාගත් අවස්ථාවේ බංග්ලාදේශ
නායකයා ආවේගශීලීව හැසිරුණි. ඒ සම්බන්ධයෙන් තරග තීරකවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුවයි මෙලෙස දඩ නියම කර ඇත.

එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් අවවාද කර තිබේ.

ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත කරමින්, කියාවන් සිදුකරමින් ආවේගශීලී ලෙස හැසිරීම ධනුෂ්කට එරෙහිව ඇති චෝදනාවයි.

පෙරේදා (27දා) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ධනුෂ්ක ආවේගශීලීව හැසිරී ඇත ඔහු වරද පිළිගෙන ඇත.

මීට අමතරව ඔවුන් දෙදෙනාගේ විනය ලකුණුවලට සෘණාත්මක ලකුණු දෙකක්ද එක්ව ඇත. ධනුෂ්කගේ පළමු වරද හේතුවෙන් ඔහුට දඬයක් පනවා නොමැත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka