gossip lanka

ප්‍රවීන මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ අභාවප්‍රාප්ත වෙයි !

ලක්බිම දිනපතා සංග්‍රහයේ හිටපු ප්‍රධාන කර්තෘ වරයෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ මහතා අද (21) අළුයම අභාවප්‍රාප්ත විය.

හදිස්සි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මියයන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය.

ලක්බිම - සුමති පුවත්පත් සමාගමෙන් ඉවත්වූ පසු ලීඩර් පුවත් පත්
සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක පදවිය හෙබවූ වැල්ලබඩ මහතා අසුව දශකයේ මැද භාගයෙන් පුවත් පත් කලා කේත්‍රයට පිවිසෙන ලද්දේ දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙසිනි.

වැල්ලබඩ මහතා දේශපාලන සමාජ ආර්ථික ආදී විෂය කේත්‍රයන් පිළිබඳ මුහුකුරා ගිය දැනුමකින් සහ අත්දැකීම් සම්භාරයකින් සමන්විතවූවෙක් සේ සැලැකේ.

දේහය අද පස්වරුවේ කැළණිය රජමහා විහාරය අසල ඇති ඔහු ගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

gossip lanka