gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංජා අල්ලන්න පැන්න පොලිසියට අලි ගහලා - පොලිසිය ගිනි අවි බිම දමා දුවයි

කතරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කිරීමට ගිය වැටලීමකදී අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ රහසිගතව පවත්වාගෙන යන ගංජා
හේනක් වැටලීම සඳහා මෙලෙස පොලිස් කණ්ඩායම පිටත්ව ගොස් තිබුණා.

ඉකුත් 17 වැනිදා මෙම වැටලීමට පිටත්ව ගොස් තිබූ අතර එම කණ්ඩායම ඊයේ (20) දින අලුයම 3.30 ට පමණ අදාළ ගංජා හේන සහිත ස්ථානයට ළඟා වී තිබුණා. මෙම අවස්ථාවේදී පොලිස් කණ්ඩායමට අනපේක්ෂිත වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පසුව නිලධාරීන් දිවි බේරා ගැනීමට දිව යාමේදී නිලධාරියෙකු අතේ තිබූ ටී 56 ගිනි අවිය අතෙන් ගිලිහී ගොස් තිබුණා. වනඅලි ප්‍රහාරය හමුවේ අතෙන් ගිලිහිණු ගිනිඅවිය යළි අහුලා ගැනීමට අදාළ පොලිස් නිලධාරියාට ඉඩ ලැබී නොමැති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් ගිනි අවිය මේ වන විට අස්ථානගතවී ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මෙම වනඅලි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගිනිඅවිය සෙවීමේ කටයුතු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka