gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් වෙඩි පහරින් යතුරුපැදි කරුවෙකු මරුට - ජනතාව සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් ඊයේ (20) රාත‍්‍රියේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

ඒ කතරගම නගර සීමාවේදීයි. සිද්ධියෙන් යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම සිද්ධියෙන් අනතුරුව ප‍්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම්
තත්වයක් ද හට ගැණුනු බව පැවසේ.

තත්ත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවනු ලැබුවා. දිගින් දිගටම මෙම පිරිස කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කළ බවයි  පැවසුවේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නාගහවීදිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. ඔහු කතරගම ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.

ඇතැම් පිරිස් මැතිවරණ සමයේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මෙම සිද්ධිය මුල් කරගනිමින් ක‍්‍රියා කරමින් ඇති බවටද අනාවරණය වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

කෙසේවෙතත් මේ වන විට අදාල වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka