gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ බිලියන 400 බැඳුම්කරයටත් කොමිසමක් !

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ රුපියල් බිලියන 4000ක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

පසුගිය රජයේ වූ වංචා දූෂණවලට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට
කටයුතු නොකළ බැවින් එම මන්ත්‍රීවරු කළ වංචා දූෂණ පිළිබඳ කිසිවෙකු කතා නොකළ බවද ඇමැතිවරයා සඳහන් කරයි.

වත්මන් රජයේ මහ බැංකු ගණුදෙනුවෙන් සිදුවී ඇත්තේ රුපියල් මිලියන 11ක වංචාවක් බව බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් හෙළි වී තිබෙන බව හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව පසුගිය පාලන සමයේදී වූ බැඳුම්කර ගණුදෙනු පිළිබඳ සොයා බැලීමටද ඉදිරියේදී ජනාධිපති කොමිසමක් පත් කිරීමට නියමිත බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka