gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෑම වසරකම ළමයි 500ක් පිළිකා රෝගයට ගොදුරුවේ

මෙරට ළමයින් පිළිකා රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වසරින් වසර වැඩිවීමක් පෙන්නුම් කරන බව මහරගම පිළිකා රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

සෑම වසරකම ළමා පිළිකා රෝගීන් 500ක් පමණ අලුතින් හඳුනාගනු ලබන බව වෛද්‍ය පෙරේරා පවසයි. මෙලෙස හඳුනාගන්නා ළමයින්
අතුරින් වැඩි දෙනකු ලියුකේමියාව හෙවත් රුධිර පිළිකා තත්ත්වයෙන් පෙළෙන අතර දෙවැනුව වාර්තා වන්නේ මොළේ පිළිකායි.

මීට අමතරව ඇස්, ස්නායු, මාංසපේශී, අස්ථි පද්ධතියේ සහ වකුගඩුවල පිළිකාද ළමයින් අතර දක්නට ලැබේ. මවුපියන්ගේ ජානමය හේතු මෙන් ම පාරිසරික හේතුද මෙයට හේතු වී තිබේ.

උපතේ පටන් වයස අවුරුදු 18-19 දක්වා ළමයින් සහ යෞවනයන් අතර මේ පිළිකා දැකිය හැකි බව ඔහු කියයි.

වැරැදි ආහාර සහ ජීවන රටා:

වැරැදි ආහාර සහ ජීවන රටා හේතුවෙන් මේ මවුපියන් විවිධ ලෙඩ රෝගවලට ‍ගොදුරු වී සිටීම මෙන් ම කුඩා කල පටන් ම දරුවන් වැරැදි ආහාර රටා සහ ජීවන රටාවන්ට හුරුවීම මෙලෙස ළමයින් අතර පිළිකා වැඩි වීමට හේතු වී ඇතැයිද වෛද්‍යවරයා පවසයි.

කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර, ක්ෂණික ආහාර පැණි බීම, අධික සීනි ලුණු සහ පිටි සහිත ආහාර, පරිභෝජනය ආහාර නිෂ්පාදනයේදී අධික ලෙස කෘෂි රසායනික භාවිතා කිරීම ව්‍යායාමවලින් තොර අක්‍රියශීලී ජීවන රටාව වැනි සාධක, ස්ථුලතාව, දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වීම හා අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් පෙළීම හා ජානමය බලපෑම ද පිළිකාවලට හේතු වී තිබේ.

මේ අතරින් ජානමය සාධක හැර අනෙක් සාධක සියල්ල ජීවන රටාවෙන් බැහැර කිරීමෙන් පිළිකා වළක්වාගත හැකි බව වෛද්‍ය පෙරේරා කියයි.

(සිළුමිණ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka