gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෝක්කුවක් යට කිලෝ 05ක් බරැති බෝම්බයක් (photos)

බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝග්‍රෑම් පහක (05KG) පමණ වන බරකින් යුක්ත බෝම්බයක් පොලිසියට හමු වී තිබෙනවා.

ඊයේ (20) දින පොලීසිය විසින් මෙම බෝම්බය සොයා ගත්තේ යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබියදීයි.

මෙම බෝම්බය එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු බෝම්බයක් බවට පොලීසිය
සැක පළ කරන අතර එවැනි බෝම්බයක් කිසිවෙකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන ගැටලුවක් බවද සඳහන් කරනවා. ඒ අනුව එම බෝම්බය මීට දින කිහිපයකට පෙර මෙතැනට ගෙනැවිත් දමන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

පළාතේ ධීවරයින් දෙදෙනෙකු විසින් මෙම බෝම්බය මුලින්ම දැක ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබඳව පොලීසියට තොරතුරු ලබා දී තිබුණා.

එම බෝම්බය පෙට්ටියක දමා හොඳින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබදව ඉතා හොඳ දැණුමක් ඇති අයෙකු විසින් මෙය ගෙනවිත් දමන්නට ඇති බවද සැක කරනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka