gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන මැදිරි අබලන් නිසා දුම්රිය ගමන් නවතී

න මැදිරි සහිත දුම්රිය 4ක් අද (26 දා) දිනයේද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ, දෝෂ ඇතැයි පවසමින් දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීම හේතුවෙනි.

උදෑසන 6.05ට කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ගමන් කරන ශීඝ්‍රගාමී දුම්රිය සහ උදෑසන 6.10ට මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය අවලංගු විය.

උදෑසන 8.50ට කොටුවේ සිට තලෛමන්නාරමට ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය සහ උදෑසන 7.30ට, තලෛමන්නාරම සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය 2ක ද අද ධාවනය නොවන දුම්රිය අතරට අයත් ය.

මේ අතර අවලංගු කර ඇති දුම්රියවල ආසන වෙන් කළ මගීන්ට එම මුදල් යළි ලබා දීමට කටයුතු යොදා ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ අනුව ආසන වෙන් කරවා ගත් දුම්රිය ස්ථාන මගින් අදාළ මුදල් ලබා ගත හැකි ය.

පෙරේදා දහවල් වෘත්තීය සමිති සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාවේදී චීන මැදිරි සහිත දුම්රියවල පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත් කෙරිණි.

මේ අතර ලබන පළමු වන දා සිට මාස 2ක කාලයක් අලුත්වැඩියාවක් හේතුවෙන් මැදවච්චියේ සිට තලෛමන්නාරම දක්වා දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම කාල සීමාව තුළ ඒකාබද්ධ බස් රථ සේවයක් ක්‍රියාත්මක බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් බස් රථවල ගමන් කිරීමට ද එම කාල සීමාවේදී අවස්ථාව උදා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka