gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ ටෙලිෆෝන් බිල් නඩුවට අද වුණ දේ

කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ සමයේ ඔහුගේ පුද්ගලික ජංගම දුරකථනයේ රුපියල් 230,984 ක මාසික බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,  රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූවා.

මෙම නඩුව සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල ගොනු කර ඇති  මූලික විරොධතා සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි මස 2 දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර දැනුම් දුන්නා  .

2012 මාර්තු මස 15 සිට එම වසරේ අප්‍රේල්  මස 14 දා තෙක් වූ මසක කාලයක් සදහා ජංගම දුරකථන බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවා රජයට රුපියල් 230,984 ක මුදලක් පාඩු කළේ යැයි අල්ලස් කොමිෂන් සභාව විත්තිකරුවන්ට චෝදනා කර සිටිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka