gossip lanka

ලිවුම් බෙදන්නා නිල ඡන්ද පත්‍රිකා සමග කොටුවේ

පුදුකුඩිඉරිප්පු, තේරාවිල් ප්‍රදේශයේ නිවසක තිබි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (‍පෝල් කාඩ්) 288 ක් සමග පුද්ගලයන් දෙදෙනකු ඊයේ (25) දහවල් පුදුකුඩිඉරිප්පු ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තේරාවිල් හා විශ්වමඩු ප්‍රදේශවල පදිංචිව සිටින වයස අවුරුදු 58 හා 40 වියේ පසුවන ලියුම් බෙදන්නකු හා නිවසේ හිමිකරුය.

මෙම ලියුම් බෙදන්නා විශ්වමඩු තැපැල් කාර්යාලයේ සේවය කරන අතර ඔහු විසින් මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 288 තේරාවිල් පදිංචිව සිටින එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වූ අත්අඩංගුවට පත් සැකකරුගේ නිවසේ තබා ඇති බව ‍පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

‍පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.

මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා කිසියම් වංචාවක් සඳහා සඟවා තිබුණේද යන්න ‍පොලීසිය සැකකරයි.

පුදුකුඩිඉරිප්පු ‍පොලීසියේ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එම්. ඩී. චන්ද්‍රපාල මහතාගේ මෙහෙයවීම මත පුදුකුඩිඉරිප්පු ‍පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
gossip lanka