gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිවුවසරකට පසු ජගත් මලල ක්‍රීඩා තරගාවලියක් ලංකාවේ

තුන්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ලබන මැයි 05 හා 06 දෙදින කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ අවසන්වරට 2013 වසරේ පැවැති මේ තරගාවලිය
පැවැත්වීමට ස්ථානයක් නොමැතිවීමෙන් එය වසරින් වසර කල් ගොස් ඇති බවයි.

සුගතදාස ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ ඇති බැවින් මේ තරගාවලියට සත්කාරකත්වය දිය හැකි වූ බවද ඔහු කියා සිටියේය.

මේ තරගාවලිය සඳහා ලබන 26 හා 29 දෙදින දියගම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සුදුස්සන් තෝරා ගැනීමට නියමිත බවද පාලිත මහතා සඳහන් කළේය.

සහය දිවීම හා මීටර් 3,000 තරග සඳහා සුදුස්සන් අප්‍රේල් 07 වැනිදා තේරීම් තරග පවත්වා තෝරා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව අවසන්වරට ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා සත්කාරකත්වය ලබාදෙනු ලැබුවේ 2013 වසරේදීය.

ඒ ආසියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියේ තෙවැනි අදියර ලංකාවේ පැවැත්වීම මිගිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka