gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස එකහමාරේ දරුවාව මරා කැලේ හැංගූ අවුරුදු 19 පියා

තම 19 හැවිරිදි සැමියා විසින් මාස එකහමාරක් පමණ වයසැති කුඩා බිලිඳිය මරා කැලෑවක වළ දැමූ බව කියමින් 17 හැවිරිදි බාලවයස්කාර මවක් (24) රාත්‍රියේ පොලිසියට පැමිණ විලාප දී පවසා ඇති අතර මෙම හෙළිදරව්වෙන් පසු ලග්ගල මාඔය ප්‍රදේශයේ ‘අතරමං ආරුව‘ නමැති කැලයේ වළකින් බිළිඳියගේ මළ සිරුර ගොඩගනු ලැබිය.

ලග්ගල පොලිසිය පවසා ඇත්තේ බිළිඳාගේ පියා බව කියන  දහනව හැවිරිදි තරුණයෙකු මෙම ඝාතනය සිදුකර ඇත්තේ පොලිසියට ඇති බියට දරුවාගේ කෑගැසීම නිසා වරදකට හසුවේ යයි බියෙන් බවකි.

බාල වයස්කාර මව 24 දින රාත්‍රියේ දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණ කියා සිටියේ මින් ඉහත අදාළ තරුණයා සමග විවාහ නොවී එකට ජීවත්වෙද්දී වයස අඩු ප්‍රශ්න මත තරුණයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී මැයව පරිවස භාරයේ තබා තිබුණ බවත් නැවතත් තරුණයා ඇය සොයා පැමිණ වනගත ප්‍රදේශයේ නිවසක රඳවාගෙන පවුල් ජීවිතය අරඹා තිබූ බවත්ය. ඇයට අඩු වයසින්ම දරුවෙකු ලැබී ඇත්තේ මේ අතරවාරයේය.
හරිහැටි වෘත්තියක් නොමැති තරුණයා ගෙවල් බිඳීම් ආදිය සිදු කර වරින්වර සිරගතවූ අයෙකි.

ආර්ථික ප්‍රශ්න නිසා ගෙයක් බිඳින ලද මෑත සිද්ධියකට පොලිසිය ඔහු සොයමින් සිටි බව පැවසිණි.බාලවයස්කාර නීති ගැටලුව මෙන්ම සොරකම් ප්‍රශ්නය නිසා ඔහු පොලිසිය ඒවි යයි බියෙන් කල්ගත කරමින් සිටි අයෙකි. බිළිඳු දැරියගේ කෑගැසීමට
පොලිසිය ඒවි යයි සිතා මෙයට විසඳුම් ලෙස  කුඩා බිළිඳා මරා කැලයේ සඟවන්නට ඔහු තීරණය කර තිබී ඇති නමුත් තරුණිය එයට එකඟවී නැත. නමුත් ඔහු ඇය සමග මේ ගැන ආරවුල් කරගෙන දරුවා මරා සඟවා තිබේ.
 මෙම සිද්ධිය තරුණයාගේ මවද දැනසිටි ඇති නමුත් කිසිවක් කර නැත.

 මෙම ඝාතනය පිළිබඳව පොලිසියට ප්‍රකාශ කළහොත් තරුණිය මරා දමන බව සැමියා පවසා තිබේ.
 නැන්දම්මාට හොරෙන් පොලිසියට පැමිණි තරුණිය සිද්ධිය මුල සිට විස්තර කිරීමෙන් පසු පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය.
ඒ අනුව 24 දින රාත්‍රියේම වහා ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසිය බිලිඳියගේ මළ සිරුර නිවෙසේ සිට කිලෝමීටරයක් පමණ දුර වනගත ප්‍රදේශයක එරමිනියා වැල් ගාලක් අස්සේ තිබී සොයාගත් අතර එය වළක් කපා වළදමා තිබිණි. මළසිරුර ගොඩ ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබාදෙන ලෙසය. ඒ අනුව බිලිඳු මළසිරුර දඹුල්ල රෝහලට රැගෙන ගියේය.
සිද්ධියෙන් පසු පළාගිය තරුණ පියා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka