gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විනිසුරු වෙරි වී කතකට මරු කැන්දයි

බීමතින් මෝටර් රථය‌ පදවා වාරියපොළ ප්‍රදේශයේදී අනතුරක්‌ සිදු කර යතුරු පැදියක ගමන්ගත් කාන්තාවක මරණයට පත් කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත් හිටපු මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන පසු ලබන 23 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මිය ගිය කාන්තාව සිය දියණිය සමග යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී
පෙරේදා (20 දා) පස්‌වරුවේ මෙම අනතුරට ලක්‌ව ඇත.

යතුරු පැදිය ධාවනය කරමින් සිටි කාන්තාව එම ස්‌ථානයේම මියගොස්‌ ඇති අතර අනතුර හේතුවෙන් ඇගේ එක්‌ පාදයක්‌ සිරුරෙන් වෙන්වී මීටර් දහයක්‌ පමණ දුරට වීසිවී තිබුණු බව විමර්ශන සිදුකරන වාරියපොළ පොලිසිය පවසයි.

යතුරු පැදියේ පසුපස ගමන් ගත් මිය ගිය කාන්තාවගේ දියණියද බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

හිටපු මහාධිකරණ විනිසුරුවරයා සිය බිරිඳ සමග තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

මෝටර් රථය බස්‌ රථයකට ඉස්‌සර කිරීමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී ඇතැයි මේ පිළිබඳ විමර්ශන සිදුකරන වාරියපොළ පොලිසියේ නිලධාරියෙක්‌ පැවසීය.

යතුරු පැදියේ ගැටීමත් සමග වේගයෙන් ඉදිරියට ඇදී ගිය මෝටර් රථය පාරෙන් ඉවතට පැන ගසක වැදීමෙන් හිටපු මහාධිකරණ විනිසුරුවරයාට හා ඔහුගේ බිරිඳටද තුවාල සිදුවී තිබේ. ඔවුන් දෙදෙනාද ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

වාරියපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka