gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලොන්නරුවට කුඩු බෙදූ පවුලම පොලිසිය අල්ලයි !

පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේ හෙරොයින් විකුණූ එකම පවුලේ තිදෙනෙකු හෙරොයින් පැකට් 10ක් සමඟ ඊයේ(21) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව දිසා විශේෂ මත්දුව්‍ය වැටලිම් ඒකකය සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු මත මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පිරිසට අමතරව එම පවුලේ සහොදරයින්
තිදෙනෙකු මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට රක්ෂිත බන්ධනාගර ගතව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අද අත්අඩංගුවට පත්ව ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින දෙදෙනාගෙන් එක් අයකුගේ බිරිදක්, පාසල් යන දැරියක් හා එක් සහෝදරයෙකි.

නිවස තුළ තවත් හෙරොයින් ඇත්දැයි පරික්ෂා කිරීමට පොලිස් නිල සුනඛයකු ද යොදාගෙන පරික්ෂා කළ බවද පොලිසිය පැවසීය.

ඒ අනුව මව පියා සහෝදර සහෝදරියන් දරුවන් මුණුපුරන් ඇතුළු සමස්ථ පවුලම මත් කුඩු විකිණීම මත පොලිස් අත්අඩංගුවට හා රක්ෂිත බන්ධනාගාරගතව සිටීම විශේෂ සිද්ධියකි.

පොලිසිය නිවස වටලන අවස්ථාවේ තිදෙනෙකු කුඩු පානය කරමින් සිට ඇති අතර පොලිසිය පැමිණීමත් සමඟ ඔවුන් පලාගොස් ඇත.

එක් පුද්ගලයෙකු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය හා ඔවුන් අතර ගැටුමක්ද හටගෙන තිබේ.

දෙපිරිස අතර නොසන්සුන්කාරි තත්වයක් ඇති වීමත් සමඟ ගම්වාසින් එම නිවස වටලා කුඩු අලෙවි කරන මෙම පවුල අත්අඩංගුවට ගන්නැයි කෑ ගසා ඇති අතර ඉන් පසුව එම නිවස වටලා හෙරොයින් සමඟ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මේ පවුලේ දරුවන් ඇතුඑ සියලු දෙනා කුඩු ජාවාරමෙනි නිරතවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර මොවුන්ගේ දරුවන් ලවා පොලොන්නරුවෙ පිහිටි ප්‍රධාන පෙළේ පාසල් දරුවන් වෙත හෙරොයින් අලෙවි කරන බවත්, එම දරුවන්ගේ ප්‍රධාන කටයුත්ත වන්නේ පාසල් සහ වෙනත් පුද්ගලයින් වෙත හෙරොයින් අලෙවි කිරීම බවද කියති.

ඩබ්ලිව්.ඒ. පියතිලක - පොලොන්නරුව වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka