gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිතවතා නිසා වෙල්ගම යළිත් අමාරුවේ

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහු කර තිබූ ඉල්ලීම මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි (30දා) අද ප්‍රතික්ෂේප කළේය.

පසුගිය රජය සමයේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා
ගමනාගමන මණ්ඩලයේ උපසභාපති තනතුරක් ඇති කර ඊට තම හිතවතෙකු පත් කිරීම මගින් රුපියල් ලක්ෂ 33ක පාඩුවක් රජයට සිදුකළ බවට අල්ලස් කොමිසම මෙසේ නඩු පැවරීය.

ඊට එරෙහිව කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර එය අද කැවමිනුයි එහි පළමු ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

එමෙන්ම මොහුට විරුද්ධ චෝදනා පත්‍රය සංශෝධන කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට ලබාදුන් අවසරය අවලංගු කරන ලෙස කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කර තිබූ ඉල්ලිමට විනිසුරුවරයා අද අවසර ලබාදුන්නේය.

තවද මොහු දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වරදක් සිදුකර ඇත්ද යන්න සොයා බලා ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට නියෝග කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka