gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද පිලේ 13 ක් එක්සත් ජාතික පක්‍ෂයට එන්න ලෑස්තියි

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට කිසිඳු හැකියාවක් නොමැති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මහින්ද පිලෙන් කීදෙනෙක් මෛති‍්‍ර පිලට එක්වුනත් මහින්ද පිලේ
පාර්ලිමේන්තු නියෝජිතයින් 13 දෙනෙකු නියත වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම වැලැක්විය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

එවැනි තත්ත්වයක් පෙනෙන්නට තිබියදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටු වීමට කිසිඳු ඉඩක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් 106 දෙනා සමග තවත් 13 දෙනෙකු එක් වූ විට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සැලසුම් පරාජයට පත්වන බවද එය දැන දැන දේශපාලන වාසි ලබා ගැනීමට නිදහස් පක්‍ෂ නියෝජිතයින් විවිධ ප‍්‍රකාශ සිදු කරමින් සිටින බව ඔහු කියා සිටියේ.

එමෙන්ම ඔවුන් වමෙන් යන්නට සූදානම් වන්නේනම් අපි දකුණෙන් එන්න සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ ආණමඩුව පෙරියමඩු ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීයී.

 එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් පාලන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය,

අපි පක්‍ෂයක් ලෙස කිසිදාක පරදින්නේ නෑ. පක්‍ෂයක් ලෙස පරාජය වූ හැම අවස්ථාවකම ජනතාව පැරදුනා. කෙසේ වෙතත් හවුල් ආණ්ඩුවක් තුළ සිටිමින් හෝ ජනතා ජයග‍්‍රහණ රැසක් ලබා දීමට අපි සමත් වුණා. අපි විපක්‍ෂයේ හිටපු කාලයේ ආණමඩුව වැනි දුෂ්කර ප‍්‍රදේශවල ඉදිවූ එක් නිවසක් නෑ. අපි ඇවිත් ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමේ පුළුල් වැඩපිළිවෙළක් දියත් කළා. ගැබිණි මවට පෝෂණ මල්ලක් ලබා දුන්නා. ඉන්දනවල සිට අත්‍යවශ්‍ය බඩුවල මිල අඩු කළා. ඒ වැඩ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනාවලට අනුවයි. සංවර්ධන වැඩ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා හා බලය උපයෝගී කර ගනිමින් මිස වෙන කාගෙවත් උවමනාවට නොවෙයි.

ඒ නිසා අපි 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරයෙක් බිහි කරනවා. ඒක ස්ථිරයි. ඒ වගේම අපේ ජනාධිපතිවරයෙක් යටතේ ඊළග මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවනවා. අපි මෙතෙක් වැඩ කළේ ආණ්ඩුවේ බාගයක් තියාගෙන. ඡුන්දෙන් දිනපු මම රාජ්‍ය ඇමති. පැරදුන කෙනා කැබිනට් ඇමති. ජනාධිපති අපිට නැහැ. ඇමති මණ්ඩලෙන් බාගයයි. පළාත් සභාවත් නැහැ. එහෙම තත්ත්වයක් තුළයි අපි මෙතරම් වැඩ කොටසක් කළේ. දැන් අපි මේ සියල්ල ලබා ගන්නේ රට සංවර්ධිත දේශයක් බවට පත් කිරීම සඳහායි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka