gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බඩෝවිට "කුඩු ඇන්ටි" පැකට්‌ 2000 ක්‌ සමග මාට්‌ටු

ගල්කිස්‌ස බඩෝවිට නිවසකදී රුපියල් ලක්‌ෂ දහයක්‌ පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට්‌ දෙදහසක්‌ සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්‌ස කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

බඩෝවිට නිවසක කාන්තාවක්‌ හෙරොයින් මත්කුඩු ජාවාරම සිදු කරන
බවට ගල්කිස්‌ස කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක්‌ අනුව එම නිවස වැටලීමේදී මත්කුඩු පැකට්‌ අතැතිව රැඳී සිටි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. දහඅට හැවිරිදි වියේ පසු වන අත්අඩංගුවට ගත් සැකකරු ජාවාරම්කාරිය සමග එක්‌ව මත්කුඩු ජාවාරම කාලයක සිට කරගෙන ගොස්‌ ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මත්කුඩු පැකට්‌ වෙනත් ස්‌ථානයක සිට අසුරා ජාවාරම්කාරිගේ නිවසට රැගෙන ඒමෙන් අනතුරුව ත්‍රිකෝණ ආකාරයෙන් කපන ලද ඉටි බැග්වල පැකට්‌ හතළිහ බැගින් අසුරා බෙදා හැරීම සඳහා සූදානම් කර තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගල්කිස්‌ස කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය පරීක්‌ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka