gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැපැල් මාමාගෙන් ඡන්ද කොළ ගන්න දෙබරු ඇවිත් !

හිඟුරක්ගොඩ ඌණගලා වෙහෙර උප තැපැල් කාර්යාලයේ ඡන්ද පත්‍රිකා බෙදීමට ගිය තැපැල්කරුවකුට චන්දන පොකුණ ප්‍රදේශයෙදී ඊයේ (30) දෙබර ප්‍රහාරක් එල්ලවීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ජයන්තිපුර ප්‍රාථමික රෝහලට ඇතුළු කළ බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.

පොලිස් 119 හදිස්සි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකථන පණිවුඩයකට
අනුව ක්‍රියාත්මක වූ හිඟුරක්ගොඩ පොලිසිය විශේෂ මැතිවරණ ඒකකයේ නිලධාරීන් සමඟ සිද්ධිය වූ ස්ථානයට යන විට තැපැල්කරු බෙදීමට ගෙනා ඡන්ද පත්‍රිකා 110ක් ද වැටී තිබී සොයාගෙන ඇත.

පසුව දෙබර ප්‍රහාරයට ලක්වූ තැපැල්කරු රෝහල්ගතකර ඡන්ද පත්‍රිකා පොලිස් බාරයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ඌණගලා වෙහෙර උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ඡන්ද පත්‍රිකා නොඅඩුව ඇති බවයි.

කෙසේවුවද, හිඟුරක්ගොඩ මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතා පැවැසිය.

ඩබ්ලිව්.ඒ. පියතිලක



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka