gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංගලියන් වාඩුව ගන්න දඟලන තරගය අද - දෙපිළම බලඇණිය ශක්තිමත් කරන්නේ මෙහෙමලු

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31) පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශයේ චිතගොන් ක‍්‍රීඩාංගණයේදීයි.

දඟ පන්දු යවන්නන්ට වාසිදායක ක‍්‍රීඩාංගණයක් වීම හේතුවෙන අද
තරගයේදී දෙපිළම සිය දඟ පන්දු බලඇණිය ශකිත්මත් කරනු ඇතැයි ක‍්‍රීඩා වාර්තා අනාවැකි පළ කරනවා.

බොහෝ දුරට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලක්ෂාන් සඳකැන් හෝ අකිල ධනංජය කැඳවනු ඇති බවයි පැවසෙන්නේ. ටෙස්ට් තරගාවලියට නම් කළ බංග්ලාදේශ සංචිතයේ 16 දෙනාගෙන් 06 දෙනෙකුම දඟ පන්දු යවන්නන්.

ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගී නොවූ කුසල් මෙන්ඩිස් සහ රංගන හේරත් අද තරගයේදී යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතයි.

පසුගියදා බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වුණා. ඒ බංග්ලාදේශයට අමතක නොවන තරගාවලියක් බවට එය පත් කරමින්.

අද තරඟයට ක්‍රීඩා කරනු ඇතැයි පැවසෙන කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල් (නායක), රෝශේන් සිල්වා,නිරෝෂන් දික්‌වැල්ල,දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්‌මාල්, ලක්‌ෂාන් සඳකැන්,ළහිරු ගමගේ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka