gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අතුරු තහනමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත මැතිවරණ පැවැත්වීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂය විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමේන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම
නියෝගය නිකුත් කළ අතර මෙම නියෝගය ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට වහාම දැනුම් දෙන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

බලයලත් නියෝජිතයකු විසින් නාමයෝජනා භාර නොදුන් බවට පවසමින් තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා කටයුතු කර ඇති  බවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂය මෙම පෙත්සමෙන් පවසා සිටියා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට පෙබරවාරි මස 15 දා අධිකරනයේ පෙනී සිටීමට බුවනෙක අලුවිහාරේගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නියෝග කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka