පසුගිය 2017 වසරේ ගෙවී ගිය මාස 06ක කාලයකදී අම්බලන්තොට පොලිස් වසම තුළ සිදුකරන ලද නීතිවිරෝධී මත්පැන් හා විෂ මත්ද්‍රවය වැටලීම්වලින් පුද්ගලයින් 402 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අම්බලන්තොට පොලිසිය පවසයි.
ඒ අනුව ඔවුන්ගෙන් 1,698,800 ( දහසය ලක්ෂ අනු අට දහස් අටසීයක) ක
මුදලක් රජයට අය කර ගැනීමට හැකවී ඇත.
අම්බලන්තොට පොලිස් ස්ථානයේ නව සතානාධිපති පොලිස් පරීක්ෂක ජගත් විජයගුණරත්න මහතාගේ උපදෙස් මත 2017 වසරේ ජුනි මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා මාස 06 ක කාලය තුළදී මෙම වැටලීම් සිදුකර ඇත.
ඒ අතර ගංජා විකිණීම හා ළඟ තබාගැනීම යටතේ සැකකරුවන් 172 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 605,500 මුදලක් අයකරගෙන තිබිණි.හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හා විකිණීම සම්බන්ධයෙන් පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 251,000 මුදලක් අයකරගෙන ඇත.
නීති විරෝධී මත්පැන් (කසිප්පු) ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් 842,300 මුදලක් අයකර ගැනීමට හැකිවී ඇත.
මේ අතර ඉකුත් 18 දින එම පොලිස් වසම තුළ රාත්‍රී කාලයේදී නිලධාරීන් සිදුකළ පැය 04 ක විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 35 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට
පොලිසිය අම්බලන්තොට සුද්ද කරයි
2018-01-24T12:52:00+05:30
Gossip Lanka Hot News
slide|