gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සවස දුම්රිය වර්ජනයක ලකුණු

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියැදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, කොන්ත්‍රාත් පදනම මත දුම්රිය රියදුරන් බඳවා
නොගැනීම හා අතිකාල කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර වන බවයි.

කෙසේ වෙතත් එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන්නේ නම් ඒ සඳහා මුහුණ දීම සඳහා සූදානම් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම මහතා කියා සිටී.

මේ අතර දුම්රිය රියැදුරන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කාර්යාලීය දුම්රිය සහ සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර 02ක් මෙලෙස අවලංගු කිරීමට සිදුවූ බවයි..

හලාවත සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය, ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය සහ කොළඹින් මඩකලපුව දක්වා ගමන් කරන දුම්රිය අවලංගු කළ දුම්රිය ගමන් වාර අතර වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka