gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණයේදී කතකට අතවර කරයි

කළුතර අධිකරණ සංකීර්ණය තුළ කාන්තාවකට බරපතල ලිංගික අතවරයක් සිදුකිරීම හේතුවෙන් අධිකරණය හමුවට පමුණවනු ලැබු සැකකරුවකු පෙබරවාරි මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය නියම කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ මග්ගොන පදිංචිකරුවකු වූ
56 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ කාන්තාව නඩු කටයුත්තක් සඳහා පැමිණ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ ඉඩකඩ නොමැති බැවින් එහි දොරටුව අසල රැදී සිටියදී සැකකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන්පසු ඇය ඒ බව අධිකරණ ‍පොලිස් නිලධාරී (26166) ලියනගේ මහතාට දන්වා ඇති බවත් ‍පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු ‍පොලිස් නිලධාරියාට තර්ජනය කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.

‍පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අදාළ කාන්තාව දකුණු කළුතර ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් තමාට සිදු වූ අතවරය පිළිබඳව ප්‍රකාශයක් ලබා දී තිබේ.

‍පොලිස් නිලධාරියාට තර්ජනය කළේ ඇයිදැයි විනිසුරුවරිය විමසූ විට ඒ පිළිබඳව සමාව අයැදින බව සැකකරු අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

මීට පෙරද සැකකරුට එරෙහිව කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩුවක් පැවැති අතර සැකකරු මෙදින අධිකරණයට පැමිණ ඇත්තේ නිකරුණේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka