gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුව ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (21) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ලබන මැයි මස පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා
සැසිවාරයේ දී සාකච්ඡා කරනු ලබන කරුණු පිළිබදව මෙහිදී තීරණය කිරීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට මෙවර හිමි වී ඇත. ඒ වසර 03 ක කාලයක් සදහායි. දකුණු ආසියානු කළාපයේ රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වසර 03 ක කාලයක් විධායක සභාව නියෝජනය කිරීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ ආරාධනයක් මත විධායක සභාවට සහභාගි වන සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී බෝනොවන රෝග පාලනය කිරිම සදහා ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග, අක්ෂි කාච සහ ස්ටෙන්ස් මිල පාලනය කිරිම, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම ඇතුලු ශ්‍රි ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම සදහා ගෙන ඇති වැඩපිළිවෙල පිළිබදව ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතය.
මෙම සැසිවාරය අද (22) ආරම්භ වන අතර, එය (25) දින දක්වා පැවැත්වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka