gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර අද

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර අද (25) ආරම්භ වනවා.

පළමු අදියරේදී ඡන්දය ප‍්‍රකාශ නොකළ තැපැල් ඡන්ද දායකයින්ට මෙම අදියරේදී ඡන්දය ප‍්‍රකාශ කළ හැකියි.

අද සහ හෙට (26) දින දෙකේදීත් ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන
තැපැල් ඡන්ද දායකයන්ට සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමට තවත් අවස්ථාවක් ලබා දී ඇතැයිද මෙහිදී සිහිපත් කෙරුණා.

ඒ අනුව පෙබරවාරි 01 වැනිදා සිය කාර්යාලවලදීම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ඇති බවද පෙන්වා දුන්නා. එදිනත් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ගේ තැපැල් ඡන්ද පත්‍රිකා විවෘත නොකර පළවෙනිදා සවස අදාළ කාර්යාලය පිහිටා ඇති ප්‍රදේශයේ නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට රැගෙන යනවා. එහිදී 02 වැනිදා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල පරිශ්‍රයේදීද තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාවක් හිමි වෙන බවද පෙන්වා දුන්නා.

තැපැල් ඡන්ද විමසීමේ පළමු අදියර සාමකාමීව සිදු කෙරුණු බව නිරීක්ෂණ සංවිධාන කියා සිටියා. අද ආරම්භ වන එහි දෙවන අදියරද සාමකාමීව සිදු කෙරෙනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. එහි නිරීක්ෂණ කටයුතු සඳහා සිය නිලධාරීන් දැනටමත් සූදානමින් සිටින බවද නිරීක්ෂණ සංවිධාන කියා සිටියා.

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රධාන ඡන්ද විමසීම පෙබරවාරි මස 10 වැනිදා සිදු කරනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka