gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පිළ අද තීරණාත්මක සටනේ - අවසන් සටනට පිවිසෙන්න මාර්ග දෙකක්

තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (25) පැවැත්වෙනවා.

එ් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මිරිපූර් හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේදීයි.

මූලික වටයේ තරග 3ක් ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන අවසන්
මහ තරගයට සුදුසුකම් ලබා අවසන්.

ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම 3 වන ස්ථානයේ පසුවනවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකම එක් ජයග‍්‍රහණය බැගින් ලබා තිබීම හේතුවෙන් අද තරගයේ ප‍්‍රතිඵලය අනුව අවසන් තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇති.

එ් පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැහැදැලි කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සහකාර ලේකම් රවීන් වික‍්‍රමරත්න පෙන්වා දෙන්නේ "අද තරගය ජය ගත්තොත් ප්‍රශ්නයක් නෑ..හැබැයි පරදුනොත් පරදින්නට වෙන්නේ ලකුණු 240කට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරගනිමින්. එහෙම වුණොත් ලංකාවට යළිත් අවස්ථාවක් ලැබෙනවා.. අවසන් සටනට යන්න." යනුවෙනි.

අද තරගය ජය ගැනීමට නම් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් ලකුණු අතර සිටින බංග්ලාදේශ පිතිකරුවන් දවා ගත යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka