gossip lanka

අද කොළඹ පෙළපාලි තහනම්

අද (25 දා) දින කොළඹ නගරයේ පෙළපාලිවල නිරතවීම තහනම් බව පොලිස් මූලස්ථානය දැනුම්දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති කාල පරිච්ඡේදයක්
බැවින් එම තීරණය ගත් බවයි.

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පළ කරමින් සරසවි සිසුන් පිරිසක් ද අද කොළඹට පැමිණීමට නියමිතව තිබූ අතර ඊට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝග දෙකක් ලබාගෙන තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම වාරණ නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



gossip lanka