නවතම තොරතුරු ඇතුළත්කොට ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය යාවත්කාලීන කිරීමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සූදානම්වන බව වාර්තා වේ.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගම්, නගර සහ මාර්ග රැසක් අලුතින් ඉදි වී තිබෙන අතර ඒවා රජය විසින් ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇති
බැවින් ඒවායේ ස්ථානීය නාම හා භූගෝලීය නාමයන් පිළිබඳව ද සැළිකිලි මත් වෙමින් නව ග්‍රාම නාමාවලිය සකස් කෙරෙන බව රජයේ මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසීය.
මෙම කාර්යයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ආගමික නායකයින් හා විදුහල්පතිවරුන් ආදීන් සමඟ ද සාකච්ඡා කොට තොරතුරු ලබාගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
මුලින් එම තොරතුරු ඇතුළත් කොට ඩිජිටල් සිතියමක් සකස් කෙරෙන අතර ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට ද නියමිතය.
නව ග්‍රාම නාමාවලියේ ඇතුළත් වන ගම්වල නම් දෙපාර්තමේන්තුව මගින් සකස් කෙරෙන සෙසු සිතියම් සඳහා ද යොදාගනු ගැනීමට සැලැසුම්කර ඇත.
අවසන් සිතියම සකස්කොට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුලත් කරන අතර පසුව එය මුද්‍රණය කොට පුසිද්ධ කිරීමට නියමිතය.
ගම්වල නම් අලුත්කරන්න යයි !
2018-01-25T09:21:00+05:30
Gossip Lanka Hot News
slide|