gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වර්ජනය මේ වනවිට අවසන්වී දුම්රිය ධාවනය යථාතත්වයට පත්ව තිබේ.

අද (24) පෙරවරුවේ  දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

සේවක ඉල්ලීම් අතර වූ, තිරිංග දෝෂ සහිත චීන මැදිරි වලින් සමන්විත
දුම්රිය ධාවනය කිරීමේදී සිදුවන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දුම්රිය ඉංජිනේරුවන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන රියදුරන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට සාමාන්‍යාධිකාරිවරයා මෙම සාකච්ඡාවේදී එකඟ වීමෙන් අනතුරුව එම වර්ජනය අවසන් කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

ඉල්ලීම් 04 ක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් මෙම වර්ජනය ආරම්භ කළහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka