gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“සුරංගනී” ලෝකයට ගෙනගිය මනෝහරන් සමුගනී

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වේග රිද්ම ගීයක් වන වොලී බැස්ටියන් සූරීන් ගේ “සුරංගනීට මාළු ගෙනාවා” ජාත්‍යන්තර රසික තලයේ ප්‍රචලිත කිරීමේ නියමුවා ලෙස ගැනෙන ඒ ඊ මනෝහරන් ජීවන වේදිකාවෙන් සමුගෙන තිබේ.

වතුකරයේ ඉපිද හැත්තෑව දශකයේදී ගීත ගායනය අරඹා ජීවිතයේ අවසන්
කාලය තමිල්නාඩු අගනුවර චෙන්නායි හි ගතකළ මනෝහරන් දිවි ගමන නිමා කළේ 22 සඳුදා ය.

ශ්‍රී ලංකාවේ පළමු දෙමළ චිත්‍රපටය සේ ගැනෙන ජෝ දේව් ආනන්ද් ගේ “පාස නිලා” හි ප්‍රධාන චරිතය රඟපා ඇති ඔහු භාෂා ගණනාවකින් නිමැවුනු සිනමා වෘත්තාන්ත කීපයකට රංගනයෙන් දායක වී ඇත.

හැත්තෑව දශකය මුල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ නිෂ්පාදකයකු ලෙස කටයුතු කළ ඒ ඊ මනෝහරන් දෙමළ, සිංහල හා ඉංග්‍රීසි තෙබසින්ම ගීත ගායනයේ යෙදුනේය.

දිවයිනේ ප්‍රසංග වේදිකාවේ කැපී පෙනෙන ශිල්පියකු වූ මනෝහරන් බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, යුරෝපය, කැනඩාව, ඉන්දියාව, සිංගප්පුරුව හා මැලේසියාව ඇතුළු රටවල් ගණනාවක ද ප්‍රසංග පවත්වා ඇත්තෙකි.

(radiogagana)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka