gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටියයි

‘පාර්ලිමේන්තුව රැස්වෙන එක දිනේකට රුපියල් කෝටියකට වඩා වැය වෙනවා.එහෙම මහජන මුදල් වැය කරලා පවත්වන පාර්ලිමේන්තුව අද ඉතාමත් පහත් තත්ත්වයට පත් වී තිබෙනවා. මෙහෙම ගියොත් මේ රටේ ජනතාවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසයක් නැති වෙනවා’ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා (11) රන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ රටේ ජනතාව පිළිකුල් කරන තැනක් බවට අද පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා. මේ තත්ත්වයට පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන් වගකිව යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින බොහෝ නවක මන්ත්‍රීවරුන් පැමිණ තිබෙන්නේ දේශපාලන රැල්ලත් දේශපාලන සුළඟත් සමගයි. ඔවුන්ට රටේ දේශපාලනය පිළිබඳ හා සදාචාරය පිළිබඳව නිසි වැටහීමක් නෑ . එම නිසා රටේ උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුව ඉතා පහත් තත්ත්වයකට පත්ව තිබෙනවා. මගේ පාර්ලිමේන්ත්‍ර ඉතිහාසය තුළ මෙහෙම පහත් තත්ත්වයකට පාර්ලිමේන්තුව පත්වූ අවස්ථාවක් තිබුණේ නැහැ.”

“දැන් බලන්න පාර්ලිමෙන්තුව තුළදී කවුද හොරා කියලා කෑ ගහනවා. දෙගොල්ලොම හොරු හොරු කියල කෑ ගහනවා. බලාගෙන යන කොට දෙගොල්ලොම හොරු බව ජනතාවට වැටහෙනවා. මේ රටෙන් මේ දූෂිත දේශපාලනය තුරන් කිරීම සඳහා ජනාධිපතිතුමා විශේෂ කාර්භාරයක් කරනවා. ඒ කාර්භාර්ය නිසා සමහරුන්ගේ හිත් රිදී තිබෙන බව පැහැදිලි වෙනවා.නමුත් මේ රටේ අනාගතය වෙනුවෙන් එතුමා ඒ කාර්ය භාරය නොපිරිහෙලා ඉටු කරනවා’ යැයි අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka