gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළොන්නාව ශ්‍රීලනිප සහ පොහොට්ටුවේ සමාජිකයින් රැසක් එජාපයට

කොළොන්නාව මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්
සහ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන ලද
සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ නායක ගරු අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කොළොන්නාව එක්සත් ජාතික
පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්
මැතිතුමාගේ අතින් පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

මෙහිදී කොළොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීන් වන සුදත් සේනක, චින්තක මුතුකුමාරණ යන මහත්වරුන් සමග මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව නගර සභාවේ අපේක්ෂකයින් වන සමන් නිශ්ශංක, මංජුලා හේරත් යන මහත්ම මහත්මීන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වෙලින්ටන් කහදවලආරච්චි මහතා ද ඇතුලුව ශ්‍රි ලංකා
නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණු ක්‍රියාකාරී සාමාජිකයින් රැසක්  එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් කොළොන්නාවේ සංවර්ධනය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මැතිතුමා විසින් සිදු කරන වැඩපිළිවෙල සම්බන්ධව පැහැදීමකට

පත්ව සිටින නිසා මෙසේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කල බව මොවුන් වැඩිදුරටත් පවසන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka