gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපානයත් ලංකාවේ තේ එපා කියයි ?

තේ වගාව සඳහා ලොව පුරා භාවිතා කරන ග්ලයිෆොසේට් රසායනය ශ්‍රී ලංකාව තුළ තහනම්කර ඒ වෙනුවට හඳුන්වා දුන් MCPA නම් රසායනය ජපානයේ පිළිගැනීම අතින් පහළ මට්ටමක ඇති බැවින් ඉදිරියේදී ජපානයෙන් ශ්‍රී ලංකාවට තේ තහනමක් පැනවීමේ අවදානමක් ඇතිව
ඇතැයි වැඩබලන පළිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා ප්‍රකාශ කරයි.

ග්ලයිෆොසේට් තහනම් කර ඇත්තේ රජයේ උවමනාව මත බව ඒ මහතා කියා සිටී.

එසේම මෙලෙස ග්ලයිෆොසේට් තහනම් කිරීමට කාසිදු විද්‍යාත්මක පදනමක් නැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ අදහස බව ඒ මහතා කියයි.

තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පවසන්නේ ලංකාව තුළ තේ වගාවට නුසුදුසු ජපානය හා යුරෝපය අනුමත නොකරන රසායනික ද්‍රව්‍ය භාවිතා කර ග්ලයිෆොසේට් තහනම් කිරීම සම්බන්ධයව තමාට ද පැහැදිලිතාවයක් නොවන බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka