gossip lanka

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

මහියංගන ප්‍රාදේශීය සභාවේ රොතැල්ලවෙල කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින අපේක්ෂයා එම කොට්ඨාසයේම දැරියකට අතවර කර ගමෙනුත් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

ගුරුවරයෙකුද වන එම අපේක්ෂකයා ඔහු උගන්වනු ලබන පාසලේම 10
වසරේ ඉගෙනුම ලබන දැරියකට මෙසේ අතරවර කර ඇත. ඔහු එම දැරියවාසය කරන නිවසටම ගොස් මෙම අතවරය සිදු කර ඇති අතර දැරිය මේ වනවිට ගිරාඳුරුකෝට්ටේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

දැරියගේ දෙමව්පියන් එම අපේක්ෂකයාට එරෙහිව ගිරාඳුරුකෝට්ටේ පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වනවිට පොලිස් පරික්ෂණද ආරම්බ කර තිබේ.

ප්‍රදේශයේම ප්‍රබල දේශපාලනඥයෙකුගේ නිවසක එම අපේක්ෂකයා සැඟව සිටින්නේ යැයිද පැවසේ.


gossip lanka