gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් හිමිකර ගනියි

ඩකාහිදී පැවති අවසන් මහා තරගය ලකුණු 79 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඊයේ සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම
නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 221 ක් ලබා ගැනීමට සමත් විය.

උපුල් තරංග 56 ක් හා නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් සහ නිරෝෂන් දික්වැල්ල 42 ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී රුබල් හුසේන් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 41 යි පන්දු 1 ක් අවසානයේ ලබාගැනීමට හැකිවුයේ ලකුණු 142 ක් පමණි.

මුශ්ෆිකර් රහීම් ලකුණු 22 ක් හා මහමුදුල්ලා 76ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිඳහෙලීමට සමත් වූ අතර ඊයේ සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ශෙහාන් මදුෂංක  කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka