gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජ සමුගනී

කීර්තිමත් සිනමාවේදී  ආචාර්ය ධර්මසිරි පතිරාජ මහතා අද (28) මහනුවර දී අභවප්‍රාප්ත වූයේය.
 අභවප්‍රාප්තවනවිට 74 වැනි වියේ පසුවූ ඔහු  ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ කලාකරුවෙකි.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මුල් කාලීන අවධානය දිනාගත් ‘කඩුල්ල‘,
‘ඇල්ල ළඟ වලව්ව‘ ආදී නිර්මාණ මෙන්ම හෙළ සිනමාවේ පෙරළිකාර දිශානතියන් බිහි කළ අහස්ගව්ව, බඹරු ඇවිත්, පාරදිගේ ,එයා දැන් ලොකු ළමයෙක්,සොල්දාදු  උන්නැහේ , වාසුලි, මතුයම් දවස , සක්කාරං,පොන්මනී ඇතුළු සිනමා නිර්මාණ රැසක් බිහිකළ
අග්‍රගන්‍ය සිනමාකරුවෙකි.

ඔහුගේ නිර්මාණ ලංකාව සමකාලීන දේශපාලන,ආර්ථික,සමාජ සංස්කෘතික කියවීමක් සිදු කළ අතර විචාරකයින්ගේ නොමඳ අවධානයට පත්විය.

70 දශකයේ කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපාධිධාරියෙක් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි. එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්විවද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ.

පතිරාජ මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසද කටයුතු කරමින් සිනමාව කලාව වෙනුවෙන් අලුත් පරපුරක් බිහිකිරීමට දායක විය.

අද මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු සමුගත්තේ කලක් රෝගාතුරව සිටිමෙන් පසුවයි.
ඔහුගේ ඉල්ලීම මත අවසන් කටයුතු අදම  සිදුවන අතර පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
පතිරාජයන්ගේ සිනමා දිවියට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මීට ටික කලකට පෙර රාජ්‍ය උත්සවයක්ද පවත්වා ඇගයුමක් සිදු කර තිබුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka