gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල් කෝටි දෙකක 'කාසි' පළමුවැනිදා නිකුත් කෙරේ

පෙබරවාරි මස පළමු වැනිදා රුපියල් කෝටි දෙකක් වටිනා 'මාරු කාසි' ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහර මුදල් අංශය පියවර ගෙන තිබෙනවා.

ඒ උතුරු ප්‍රදේශයේ සියළුම බැංකු සඳහායි.

උතුරු පළාතේ 'මාරු කාසිවල' දැඩි හිඟයක් පවතින බවට පළාතේ බැංකු
විසින් කරණ ලද දැණුම් දීමකට අනුව  රුපියල් කෝටි දෙකක් වටිනා රුපියල් 10,5 සහ 2 යන මුදල් වටිනාකම්වලට අයත් මාරු කාසි ලබාදීමටයි තීරණය කොට ඇත්තේ.

මේ දිනවල උතුරු පළාතේ පවතින දැඩි 'මාරු කාසි' හිඟය නිසා රාජ්‍ය අංශයේ වෙළෙද සැල්වලින්ද පාරිභෝගිකයින්ට 'මාරු කාසි' වෙනුවට ටොෆි,චොක්ලට් හා ගිණිපෙට්ටි ලබා දීම සිදු කරණු ලබනවා.

මේ අන්දමට උතුරු පළාතේ 'මාරු කාසි' හිඟයට හේතු වශයෙන් බැංකු නිලධාරීන් සඳහන් කරන්නේ කොවිල්වල පිං කැටවලට දමනු ලබන අති විශාල 'මාරු කාසි' ප්‍රමාණය ආපසු නොලැබීමයි.

මීට අමතරව පිත්තලවලින් නිපදවා ඇති රුපියල් 5 මාරු කාසිය උණු කොට ඇතමුන් මාල තැනීමද, රුපියල් 10 විශේෂ කාසියේ දිස්ත්‍රික්කවල වැදගත්කම නිසා ඒවා එකතු කිරීමට කටයුතු කිරීමද මෙම හිඟයට හේතු වී තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka