gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැටුප් නැතිව ගෙදර වැඩ කරන කාන්තාවන් ඉහල ගිහින් !

වැටුප් නොලබා ගෘහාශ්‍රිත රාජකාරිවල නියැලෙන කාන්තාවන් සංවර්ධනය වන රටවල් තුළ ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ කාන්තා අංශය එනම්, 'යූඑන් වුමන්' (UN Women) නවතම වාර්තා අනාවරණ කරයි.

UN Women පෙන්වා දෙන්නේ පැය 04කුත් විනාඩි 11ක කාලයක්
සංවර්ධනය වන රටවල කාන්තාවන් ගෘහාශ්‍රිත කටයුතුවල නියැලෙන බවයි.

ඔවුන්ට සාපේක්ෂව සංවර්ධනය වන රටවල පිරිමින් ගෘහාශ්‍රිතව වැඩ කරන්නේ පැය 01 විනාඩි 31ක් බව වාර්තා අනාවරණ කරයි.

සංවර්ධිත රටවල කාන්තාවන් දවසේ පැය 03 විනාඩි 30කුත් එම රටවල පිරිමින් දවසේ පැය 01 විනාඩි 54කුත් ගෘහාශ්‍රිත රාජකාරීවල නියැලෙන බව යූඑන් වුමන් වාර්තාවේ සඳහන්ය.

ලොව වැටුප් නොලබා ගෘහාශ්‍රිත රාජකාරීවල නියැලෙන පිරිමින් සංවර්ධිත හා සංවර්ධනය වන දෙරටවලම අඩු අගයක් ගන්නා අතර ඔවුන්ට සාපේක්ෂව කාන්තාවන් දෙගුණයක් වැඩ කරන බව එම වාර්තා විශ්ලේෂණාත්මකව පෙන්වා දෙයි.

ඒ අනුව සංවර්ධනය වන රටවල පිරිමින් ලොව අඩුවෙන්ම ගෘහාශ්‍රිත කටයුතුවල නියැලෙන්නන් වන අතර එරටවල කාන්තාවන් වැඩියෙන්ම ගෘහාශ්‍රිතව සිය ශ්‍රමය වගුරුවන බව UN Women පවසයි.

එසේම ඒ වෙනුවෙන් වැටුප් ලැබීමට කාලය එළඹ ඇති බව සිය වාර්තාවද සමගින් එක්සත් ජාතීන්ගේ කාන්තා අංශය සඳහන් කරයි.






































-(resa)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka