gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගායකයා හෙරෝයින් සමඟ කොටුවේ

ප්‍රසිද්ධ රූපවාහිණි නාලිකාවක් මගින් පවත්වනු ලැබූ ගීත තරු තරඟයකදී හත්වැනි ස්ථානය දක්වා පැමිණි ගායකයෙක් ළඟ හෙරෝයින් ග්‍රෑම් 1ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව ඔහු මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සුරේකා ද සිල්වා මහත්මිය නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ දවුලගල , පමුණුව ,
කොටදෙණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

උඩුනුවර , දවුලගල පොලීසිය විසින් කළ මෙහෙයුමකට අනුව ඔහු සිය මෝටර් රථයෙන් හෙරෝයින් අලෙවි කිරීමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අදාළ ගීත තරඟයට යන සෑම අවස්ථාවකදීම කොළඹ සිට අලෙවියට හෙරෝයින් රැගෙනවිත් ඇති බවත් ඒවා උඩුනුවර හා තදාසන්න ප්‍රදේශවලට අලෙවි කර ඇති බවත් පොලිස් මූලික පරීක්ෂණවලදි හෙළිවී ඇත.

දවුලගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka