gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩ අධීක්ෂණයක් !

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම හා උතුරු පළාත් ක්‍රීඩා නගර ඉදිකිරීම නීරීක්ෂණය කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හා ක්‍රිකට් පාලක මණ්ඩල‍යේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (27) යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

යාපනය මණ්ඩතිව් ප්‍රදේ‍‍ශයේ අක්කකර 50 ක ප්‍රදේශයක් පුරා
ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හා මලල ක්‍රීඩා පැවැත්විය හැකි ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට නියමිත බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් පැවසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පැවසූවේ උතුරු පළාත පුරා විසිර සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගෙන සංචිතයක් සකස් කොට ජාත්‍යන්තර තරග වෙනුවෙන් සුදුසු ක්‍රීඩකයින් බිහි කිරීම නව ක්‍රීඩාංගනය ඉදිකිරීමේ මූලික අරමුණ බවයි.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka