gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එන පෝයට පායන හඳ අති විශේෂයි !

වසර 152කට පසු අපට දකින්නට ලැබෙන විරල සිදුවීමක් මාර්තු 31 වැනිදා නවම් පුර පසළොස්වක දින රාත්‍රි අහසේ දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මේ අනුව 31 වැනිදා චන්ද්‍රයා විශාල ලෙස පැවතීමත්, දීප්තිය වැඩි වීමත්,
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීමත් නිරීක්ෂණය කළ හැකි බවද එවැනි සිදුවීමක් මීට පෙර සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1866දී බවද මහාචාර්යවරයා කියා සිටී. මෙලෙස ලබන 31 වැනිදාට යෙදෙන නවම් පුර පසළොස්වක දින චන්ද්‍රයාගේ ප්‍රමාණය 15%කින් විශාල වන බවත්, දීප්තිය 30%කින් වැඩි බවත් හෙතෙම පවසයි.

මේ ආකාරයේ සඳ තාරකාවිද්‍යානුකූලව නීල චන්ද්‍රයකු (Blue Moon) ලෙස හඳුන්වනු ලබන අතර, මේ චන්ද්‍රග්‍රහණය මෙවසරේ අපට දැකීමට හැකි ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණයද වෙයි. අපේ රටේ වේලාවෙන් පස්වරු 4.20ට ආරම්භ වී එදින රාත්‍රි 9.31ට අවසන් වන මෙහි පූර්ණ චන්ද්‍රග්‍රහණය පස්වරු 5.18 සිට 7.38 දක්වා සිදු වේ.

එය අපට නැගෙනහිර දෙසින් මුහුදු මට්ටමින් ඉහළ අංශක 10 - 20 අතර ප්‍රදේශයෙන් බලාගත හැකිය. ඊට පසු රාත්‍රී 8.40 වන තෙක් අර්ධ චන්ද්‍රගහණය නැඟෙනහිර දෙසින් දර්ශනය වේ. මේ වසරේ යළි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දකින්නට ලැබෙන්නේ ජූලි 27 බවත්, මේ වසරේ අප රටට දක්නට ලැබිය හැකි වන්නේ මේ චන්ද්‍රග්‍රහණ දෙක පමණක් බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

(සිළුමිණ)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka