gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ අනුර කුමාර ගේ රැළියකට ත්‍රිරෝද රියක් කඩා වදී...

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජා ඇල පැවැති ජන රැළියකට ත්‍රිරෝද රථයකින් කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් බාධා පමුණුවා ඇත. ජන රැළිය සඳහා ජා ඇල නගර මධ්‍යයේ ඔසවා තිබූ ද්‍රවිඩ බසින් සඳහන් පුවරු ඉවත් කිරීමට එහි
සංවිධායකයන්ට බැණ තර්ජනය කරමින් මෙම පුද්ගලයින් කළහකාරී ලෙස හැසිරී ඇත.

පසුව ජනතා විමුක්ති පෙරමුණේ ජා ඇල ආසන සංවිධායක කිර්ති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සිද්ධිය ජා ඇල පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ජා ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතා ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් ත්‍රිරෝද ද රථය සමඟ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

දෙපාර්ශවය පොලිසියට කැ ඳවා සිද්ධීය විභාග කිරීමේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් වරද පිළිගෙන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින්ගෙන් සමාව ගැනීමට එකඟ වීම නිසා දේපාර්ශවය සමථයට පත්ව පොලිසියෙන් පිටව ගොස් ඇත.

ප්‍රසංග පෙරේරා - ජා ඇල



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka