gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රතු භූමිතෙල් තොග අලෙවියට තහනමක්

රථවාහනවලට, කර්මාන්තශාලාවට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට ලංකා භූමිතෙල් අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

ඇතැම් පිරවුම්හල්වල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන්
ලංකා භූමිතෙල් වැඩි වශයෙන් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තශාලාවලට නිකුත් කිරීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ලංකා භූමිතෙල් සහ කාර්මික භුමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳපොළේ විකීණීමට ඇත.

අඩු ආදායම්ලාභි ජනතාවට මෙන්ම ධීවර ප්‍රජාවට ආර්ථික සහනයක් ලබා දීමේ අරමුණෙන් ලංකා භූමිතෙල් අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 30 ක පාඩුවක් ලබමිනි.

එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්තය.

කර්මාන්තශාලා සහ තොග වශයෙන් භාවිතා කිරීමට යොදා ගන්නා භූමිතෙල් කාර්මික භූමිතෙල් වන අතර එය අවර්ණය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka