gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව භාරදෙයි

මුස්ලිම්  විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ.

කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මර්ෂුප් මහතා විසින් අදාළ වාර්තාව අමාත්‍යවරිය වෙත භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.

2009 වසරේ හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් සාමාජිකයින් 17
දෙනෙකුගෙන් සමත්විත එම කමිටුව පත් කර තිබූ අතර අදාළ කමිටු වාර්තාව කඩිනමින් ලබාදිමට කටයුතු කරන ලෙස පසුගියදා වත්මන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කමිටු නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඊයේ(22) දිනයේ එම වාර්තාව  අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.

කමිටුව විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ අඩංගු බොහෝ කරුණු පිළිබඳ  අවධානය යොමු කර ඇති අතර විවාහ වන වයස් සීමාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka