gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පණ ඇද්ද ලංකා ක්‍රිකට් වාර්තා තබමින් ජයක් ලබයි

වයස 19 න් පහළ එක්දින ක්‍රිකට් තරඟ බිමේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩ සමත්ව ඇත.

ඒ, මේ දිනවල නවසීලන්තයේ පැවැත්වෙන 19 න් පහළ එක්දින ලෝක කුසලාන තරඟාවලියේ කෙන්යාවට එරෙහිව පැවති තරඟයේදීය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවෙකු වූ ඔහු ලකුණු 191 ක් රැස් කළ අතර
එක්දින ක්‍රිකට් පිටියේ මීට පෙර ඉහළම ඉනිම ලෙස වාර්තාතර තිබුණේ නවසීලන්ත කණ්ඩායමේ ජේකම් බුලා විසින් ලකුණු 180 කි.

මීට පෙර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙකු ක්‍රීඩාකර තිබූ ඉහළම ඉනිම වූයේ 2009 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව භානුක රාජපක්ෂ නොදැවී රැස්කර තිබූ ලක්ණු 154 කි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ශුරතා වටයෙන් ඉවත්ව ඇති අතර, තරඟාවලියේ නව වැනි ස්ථානය වෙනුවෙන් පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයේදී බෝයගොඩ මෙම ඉනිම රැස් කළේය.

මෙහිදී ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 04 ක් දැවී ලකුණු 419 ක් රැස්කිරීමට සමත් වූ අතර එය 19 න් පහළ එක්දින කණ්ඩායමක් ක්‍රීඩා කළ 04 වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.

මෙහි ඉහළම ඉනිම කෙන්යාවට එරෙහිව ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ක්‍රීඩාකර තිබේ.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කෙන්යානු කණ්ඩායමට පන්දු වාර 35.5 කදී සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 108 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 311 ක දැවැන්ත ජයක් හිමිවිය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka