gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් බංග්ලාදේශය ළඟ සිංහ පිළ අසරණ වුණු හැටි මෙන්න

ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන් කරමින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි තරගයත් ඊයේ පරාජය වුණා.
මෙම තරගය ලකුණු 163 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කළා.
තමින් ඉක්බාල් 84 ක් ලබාගත් අතර අනාමුල් හක් ලකුණු 35 ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 67 ක් ලබාගත්තා.
මෙම තරගය ඩකාහිදී පැවැත්වුණා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 62 ක් ලබාගත්තේ පන්දු 52 කින්.
මහමුදුල්ලා 24 යි. සබීර් රහ්මන් නොදැවී ලකුණු 24 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු තුනක් ලබාගත්තා.
නුවන් ප්‍රදීප් කඩුලු දෙකයි.
ජයග්‍රහණය සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 157 ක් පමණයි.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් ලබාගත් අතර තිසර ලකුණු 29 ක් ලබාගත්තා.
උපුල් තරංග ලකුණු 25 යි.
අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 16 බැගින් රැස් කළා.
කුසල් මෙන්ඩිස් 19 යි.
මශ්රෆි මොටාසා සහ රුබල් හුසේන් කඩුලු 2 බැගින් දවාගත් අතර ශකීබ් අල් හසන් කඩුලු 3 ක් බිඳහෙලුවා.
බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය ලෙසද මෙය වාර්තා පොත් අතරට එක්වීම විශේෂත්වයක්.
තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ ෂකීබ් අල් හසන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka