gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌව මන්ත්‍රී ගනේෂමුර්ති අත්අඩංගුවට

මුල්‍ය වංචාවකට අදාළ චෝදනා මත ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ ගනේෂමුර්ති මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඌව පළාත් සභා පරිශ්‍රය තුළ සහ ඒ ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ඒ.ගනේෂමූර්තිට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ ඒ ගනේෂමූර්ති මන්ත්‍රීවරයා තවමත් බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර, අද (26) දිනය තුළ ඔවුන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය සදහන් කරයි.

ඊයේ පළාත් සභා පරිශ්‍රය තුළ සහ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ඒ.ගනේෂමූර්ති මන්ත්‍රීවරයාට පළාත් සභාව ඉදිරිපිටදී පිරිසක් පහරදීම හේතුවෙනි.

එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ.ගනේෂමූර්ති, උපාලි සේනාරත්න ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සදහා පළාත් සභා පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාව යෙදවීමට ද පියවර ගනු ලැබීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka