gossip lanka

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය අත්හිටුවයි (UPDATE)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පැවසුවා.

සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රධානය අත්හිටුවීම ඇතුළු කරුණු 04ක් සිය පාර්ශවයෙන්  ජනාධිපතිවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරුණු බවයි ඔහු කියා සිටියේ.
ඊට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ද වෛද්‍ය නවීන්ද සොයිසා පැවසුවා.

(2017-06-24 / 12:45PM)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වූ බැවින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු  කියා සිටියේ.

gossip lanka