gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදු ඉහලදාන අලුත් පනත ලබන මස පාර්ලිමේන්තුවට

එළඹෙන ජුලි මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව දේශීය ආදායම් බදු පනත යටතේ ක්ෂේත්‍ර ගණනාවකට බලපාන බදු අනුපාත ඉහළ දැමීමට යෝජිතය බව වාර්තා වේ.

ඒ අනුව දැනට සීයට 10කට යටත් කර ඇති කෘෂි අංශයේ උපයන ආදායම මත පනවා ඇති බද්ද ඉහළ යාමට නියමිත බව පැවසේ.


කෘෂි අංශය සඳහා නව පනතින් නියම කර ඇති බදු අනුපාතය 14% ක් බවද වාර්තාවේ.

ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන මත පනවා තිබෙන 10%ක බද්ද 14% දක්වාද, අපනයන මත පනවා තිබෙන 10% බද්ද 14% දක්වාද, හෝටල් ක්ෂේත්‍රය සඳහා පනවා ඇති බද්ද 12% සිට 14% දක්වාද ඉහළ දැමීමට නියමිතය.

බැංකු කර්මාන්ත, රක්ෂණ ව්‍යාපාර ලීසිං ව්‍යාපාර වලින් අයකෙරෙන බදු අනුපාතය 28%ක් බවද වාර්තා වේ.

මේ හැර මෙතෙක් බදු නිදහස ලබාදී තිබූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිෂ්පාදන අපනයනය, කන්ටේනර් ප්‍රතිඅපනයන කටයුතු ආදියද 14% ක බද්දට යටත් කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත රටේ ආදායම ඉහළ නැංවීම හා දේශීය බදු ක්‍රමය සරල කිරීම සඳහා මෙකී අලුත් බදු ක්‍රමය රටට හඳුන්වා දීමට නියමිතය.

මෙම බදු ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka