gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද පකිස්තානයේදී දුටු දෙයින් මහා කම්පාවකට පත්වේ..

පොලීසිය යොදවා සරසවි සිසු උද්ඝෝෂණයට පහරදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

2017ජුනි23

සරසවි සිසු උද්ඝෝෂණයට පහරදීම 
ශ්‍රී ලාංකීය සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරනු ලැබූ මිලේච්ඡතම පහරදීම ලෙස ඊයේ සරසවි සිසුන්ට එල්ල කරනු ලැබූ ප්‍ර‍හාරය ඉතිහාසයේ සටහන් වනවා නොඅනුමානය. පාකිස්ථානයේ සංචාරයක නිරත  මා එම පහරදීම් අතුළත් සමහර දර්ශන නැරඹුවේ දැඩි කම්පනයෙනි. තිරස්චීන පහරදීම මුළුමනින්ම හෙළා දකිමි. නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ ඒ වෙනුවෙන් දළ දේශිත නිශ්පාදිතයෙන් 6%ක් වැය කරන බව සපථ කොට බලය ලබාගත් ආණ්ඩුවක් යටතේ නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා අරගල කරන්නට සිදුවීම එක් අතකින් විකාරයකි. ලිච්ඡවී ප්‍ර‍තිපත්ති මත රට පාලනය කරණ බවට පොරොන්දු දුන් පාලකයින් විසින් එම සිසුනට වනචාරී ලෙස පහරදීම අනෙක් අතට ඛේදවාචකයකි.

රටපුරා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඉගෙනුමෙන් ඈත් වී දැනට අඩවසරකි. වෛද්‍ය වෘත්තිකයින් තම අනාගත වෘත්තීය ගරුත්වය වෙනුවෙන් ආණ්ඩුවට අවසන් අණතුරු ඇඟවීමද කර තිබේ. මේ පසුබිම යටතේ පාලකයින් සිදුකල යුත්තේ වෘත්තිකයින්ට අපහාස කිරීම හා අවලාද නැගීම නවත්වා, සිසුනට තිරිසන් සතුන්ට ලෙස සැලකීම නවත්වා, වහාම අවසන් විසඳුමක් වෙනුවෙන් දෑත් දිගු කිරීමය. සාකච්ඡා මාර්ගයට පිවිසීමය.

මරාගෙන මැරෙන ත්‍ර‍ස්තවාදය සමඟ අවසන් විසඳුම සාකච්ඡා මේසය බව එකල අපට ඒත්තු ගැන්වීමට උත්සාහ ගත්ඇතැම් දේශපාලඥයින්ට සරසවි සිසුන් මරාගෙන මැරෙන ත්‍ර‍ස්තවාදීන්ටත් වඩා දරුණු පිරිසක්ලෙස පෙනීම තේරුම්ගත හැක්කේ කෙසේද?සෑම ප්‍ර‍ශ්නයකටම විසඳුම කල්මැරීම තම ප්‍ර‍තිපත්තිය කොටගත් ජනාධිපති, අගමැති ප්‍ර‍මුඛ සමස්ථ ආණ්ඩුවට මා අවධාරණය කරනුයේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය නිරෝගී කිරීම සඳහා සිසුන්, විශ්වවිද්‍යාල ප්‍ර‍ජාව සහ වෛද්‍යවරුන් සමඟ වහා සාකච්ඡා මේසයේ අසුන් ගන්නා ලෙසයි. ඔබේ ප්‍ර‍මාදය, රටද, අධ්‍යාපනයද, අරාජිකත්වය කරා ගමන් කිරීම ඉක්මන් කරනවා නිසැකය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka